Saturday, March 4, 2017

සටහන් 01

දිගු රැවුලක් ඇති ඉන්ද්‍රජාලියකු ලෙසින් මට මා පෙනුණේ ය. මේ මහා පොළවට බොහෝ යහපත් දෑ කිරීමට මම සිහින මැවූවෙම්. එහෙත් මේ පොළව මත ඇවිදීම අතිශය දුෂ්කර වනුයේ මට පමණක් නොවේ.

මම ශ්‍රෙෂ්ඨ ක්‍රීයාවන් හා අසාමාන්‍ය වීරවික්‍රමාන්විතයන් ගැන සිහින මැවීමට මේ වන විට උගෙන සිටියෙම්. ජීවිතයේ දුෂ්කර සමයන්හි දී එය මට බොහෝ සෙයින් උපකාරී විය. එබදු සමයයන් බොහෝ සේ වූ හෙයින් මම වැඩි වැඩියෙන් සිහින මැවීමෙහි නිපුණත්වය ලැබුවෙමි. මම බාහිර උපකාර බලාපොරොත්තු නොවිමි. එසේම හදිසි වාසනාවක් කෙරෙහි ද විශ්වාසය නොතැබුවෙමි. එෙහත් මා තුල ක්‍රමයෙන් අධිෂ්ඨානශීලී මුරණ්ඩු බවක් වර්ධනය විය. ජීවිතය දුෂ්කර වන්නට වන්නට මා වඩාත් ශක්තිමත් වන බව ද වඩාත් ඥානවන්ත වන බව ද මට හැගී ගියේ ය. බාහිර පරිසරයට දක්වන ප්‍රතිරෝධය විසන් මිනිසා නිර්මානය කරනු ලබන බව මම ඉතා බාල කාලයේ දී  ම තේරැම් ගත්තේමි. 

මගේ විශ්වවිද්‍යාල : මක්සිම් ගෝර්කි